Monthly Archives: ජනවාරි 2012

“බුදු දහම උත්තරීතරයි” යනු පහදා දීමක්

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්, දෙවි, බඹ මිනිසුන් සහිත සමස්ත ලෝකයාටම මහත් කරුනාවෙන් දේශනා කොට වදාල ධර්මය විනා, දෙවි, බඹ මිනිසුන් සහිත සමස්ත ලෝකයා සඳහා වන වෙනත් දහමක් නැත්තේමය.

එවැනි අනුත්තරීය ධර්මයක් පහලවන්නේ සම්මා සම්බුදු වරයාණන් වහන්සේ කෙනෙකුන් මෙලොව පහල වීමෙන් පමණි.

එවන් අනුත්තරීය ධර්මය සය වැදෑරුම් වේ:

  • තථාගතයන් වහන්සේ/ ශ්‍රාවකයන් වහන්සේලා දර්ශනය – දස්සනවනං
  • ධර්මශ්‍රවනය – සවනංච අනුත්තරං
  • ශ්‍රද්ධා ලාභය ලැබීම – ලාභානුත්තරීය
  • ශීල ශික්ෂාවේ හික්මීම – සික්ඛානුත්තරීය
  • වත් පිළිවෙත් සැපයීම – පාරිචරියනුත්තරීය
  • භාවනා කිරීම/ අනුස්සති භාවනා වැඩීම – භාවයන්ති අනුස්සතිං

යමෙකු, බුදු දහම ශ්‍රවනය කෙරෙමින්, ශ්‍රද්ධාවෙන් යුතුව, ශීල ශික්ෂා වෙහි හික්මී, වත් පිළිවෙත් වඩා, භාවනානුස්සති වශයෙන් සිත දියුණු කොට දුක් සසර ජයගෙන අමා මහ නිවන අත් කෙරෙති.

බුදු දහම උත්තරීතරය යනු පහදා දීමකි මේ…….

2012 ජනවාරි මස 26 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: අම්බලංගොඩ, ගල්දූව, ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී, පූජ්‍යපාද, කැළණියේ විපුලඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !

ජීවිතයේ මලකඩ ඉවතලමු

නව වසරේ ජීවිතයේ මලකඩ ඉවතලමු.
අප තුලින්ම ඇතිවී අපගෙ ම ජීවිතයට අසුබ වන ධර්මතා හඳුනා ගනිමු.
එනම්:

  • ඉගෙන ගන්නා අයට ඇතිවන ශික්ශාව නිතර භාවිතයට ඇති මැලි කම – පාඩම් නොකිරීම
  • ගෘහපතීන්ට ඇති වන උත්සාහයෙන් තොර බව
  • කුසීත බව / කම්මැලි වීම
  • ප්‍රමාදය
  • ස්ත්‍රී, පුරුෂයන්ගේ දුශ්චරිතවත් බව, අනාචාරය
  • මසුරු කම
  • මෙලොව පරලොවට අනියත පාපී කර්ම,
  • සසර දික් කරන අවිද්‍යාව

මේ නොරිසි දෑ ඉවත ලා ජීවිතය වාසනාවන්තව, නිවැරදි දිවිපෙවෙතක් බවට පත් කරගෙන, නිවනින් සසර දිනන්නට අප කෙලෙස දිවිය හැඩගස්වා ගනිමුද  ?

2012 ජනවාරි මස 12 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: හොරණ, මොරගහහේන ශ්‍රී සරණතිස්ස පිරිවෙනේ ආචාර්‍ය, සංස්කෘත විශය පිලිබඳ කළුතර දිස්තික් පිරිවෙන් ගුරු උපදේශක,  අවිස්සාවේල්ල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්‍ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍යපාද මිග්ගහ ඥානේන්ද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !

අකුසල කර්‍ම හා ඒවායේ විපාක දීම

අකුසල කර්ම සසරට බලපාන්නේ සිත මුල් වීමෙන් පමණි.

කෙනෙකු කරනා අකුසල කර්ම යනු කවරේද.. ඒවා අකුසල කර්ම පථ බවට පත්වීමෙන් විපාක දෙන හැටිත් සසර ගමනේ විවිධ ප්‍රතිසන්ධි, ජාති උපදවන ආකාරය ගැනයි.

විශේශයෙන් ම ප්‍රාණඝාත අකුසලය ඇසුරෙනි.
මිනිසෙකු, අලියෙකු, හෝ මදුරුවෙකු මැරීම එක හා සමාන විපාක දේද ?
ප්‍රාණඝාත අකුසලයක් යනු කුමක්ද ?
එහි විපාක දීම කෙලෙසකද ?

2012 ජනවාරි මස  4 වන දින, පෙරවරු 8.00 ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

දේශකයාණන් වහන්සේ: හම්බන්තොට, උඩමලල, වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති, කම්මට්ඨානාචාර්‍ය, විචිත්‍ර භානික, අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ .

ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි !